![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjnSAInu643LUJs-owbw0XIuYhLbviv1qSPrBbd9nSCLH0m0hkeGMWW4Tin0iAdxqz_3CEeVK6nMSq191pOXafLfIPBgUDdo5IRGRBV5iizGU1xzMXCXE5cj6wQ1OztUa4PH1r5N5DWdLw/s320/ugly_truth3.jpg)
මගේ හිත මගේ ලඟ.....
උඹේ හිත උගේ ලඟ.....
ඇගේ හිත මගේ ලඟ......
උගේ හිත ඇගේ ලඟ.....
ආදරයෙක තුන්කොනක.....
මගේ හිත එක තැනක......
හිතේ දුක තව තැනක....
ලතැවෙනවා හීනයක......
ආදරය රාගයට.....
අතවනයි හෙමි හෙමිහිට......
ජීවිතය තාලයට........
හිසනමයි මධුවිතට.......
ආලයට නොමැති තැන...
හිමිව ඇත කාලයට.....
මගහලෙමි මගෙ හිත......
අනාරාධිත හීනයක.....
සෙනෙහස තවමත් ඉඳ හිට
ඉකිබිඳියි තනිවම......
මදහස මුව අග අවනතයි
ආශාවට........
හිත ලඟ දඟ කරන
සිතුවිලි එකමුතුව.........
දවා හලු කොට ඇතිවගයි.......
ආදර අවනඩුව.......
2 comments:
නියමයි....උත්ප්රාසය නම් මාරයි!!
ThanQවේවා Commenටුවට....:D.
Post a Comment